බයිබලයේ මෙසේ සදහන් වේ. එනම් "කෝප වුවත් පව් නොකරන්න." (එපීස 4:26) කෝපය
යනු මනුෂ්‍යයාගේ හැඟීමක් වුවද එය අනවශ්‍ය විදියට පැමිණීමෙන්, එය ඔබ දියුනුව කරා යන මාවත වසා දමන්නක් විය හැක, එපමණක් නොව කෝපයට ඔබගේ පවුල් ජීවිතය පවා විනාශ කල
හැක. අප විසින් කෝපය පාළනය කිරීමට
උත්සහ දැරිය යුතුය. එසේ නොවේ නම් කෝපය ඔබව පාලනය කිරීමට උත්සහා දරයි. අප කෝපයත්
සමග ඇති වෙන ක්‍රියාව පිළිබද ඔබ දෙවරක් නොව තුන් වරක්වත් සිතා බැලිය යුතුයි.
කෝපයක්
දැනුණු විට කල යුතු හොදම දේ වන්නේ එය පාලනය කිරීමට උත්සහා කිරීමය. එනම් පව්
නොකිරීමට වගබලා ගැනීමය. ඇත්තටම
කෝපය ඇතිවීම පාපයක්ද? නැත, කෝපය යනු මා කලින් සදහන් කළ ආකාරයට එය මනුෂය හැඟීමකි, කෝපය
පාපයක් වන්නේ, අපි කෝපවීම කරණ කොටගෙන ඇති කරන්නාවූ ප්‍රතික්ක්‍රියාව කරන
කොටගෙනය.
අපි
පව් නොකිරීමට වගබලා ගැනීම යනු ඔබට කෝපයේ ආවේගය පැමිණියත් ඔබ තරහ ගොස් බඩු පොළොවේ
ගැසීම, අසභ්‍ය වචන පාවිච්චි කර අන් අයගේ හිත රිදීම නොවන ආකාරයට
හැසිරීම වැනි දෑය. ගොඩක් අවස්ථා වලදී අප එවැනි ආකාරයෙන් හැසිරීමෙන් පසු, අපි එසේ හැසිරුණු ආකාරය ගැන දුක් වේ.
එහෙත් අදින් පසු අපිට කෝපය ඇතිවන විට අපගේ හැසිරීම පාලනය කරගැනීමට උත්සහ ගනිමු.
මෙය එක් දවසකින් සිදු නොවේ. දවසින් දවස අපගේ කෝපය පාළනය කරගැනීමෙන් අපගේ චරිතය ඉහල තලයකට රැගෙන යා හැක.
එවිට ඔබ අවට සිටින මනුෂ්‍යන්ද ඔබගේ වෙනස දකිනු ඇත.
සෑම බයිබල් පාඨයන් උපුටා ගනු ලැබුවේ සිංහල
බයිබලයේ යුනියන් (පැරණි) පිටපතෙනි.